17th February 2023 21:36:35 Hours
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 48 වන වාර්ෂික සැතපුම් දෙකේ ජල පිහිනුම් තරඟාවලිය පසුගිය ඉරිදා (පෙබරවාරි 19) දින අම්බලන්ගොඩ වෙරළ තීරයේ දී පැවැත්වුණු අතර, එම තරගාවලිය සමාප්ත වූයේ යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සහ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාල කණ්ඩායම එම තරගාවලියේ සම ශූරයන් බවට පත් කරමිනි.
පාසල් කණ්ඩායම් 30 ක සහ පිහිනුම් සමාජ නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් මෙම තරඟයේදී තරගවැදුණු අතර යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පිහිනුම් ක්‍රීඩකයන් 11 දෙනා රන් පදක්කම් ඇතුළු කැපී පෙනෙන ස්ථාන හිමිකරගැනීමට සමත්වූහ. යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සහ ශාන්ත ජෝශප් විද්‍යාලීය පිහිනුම් කණ්ඩායම සමසේ ලකුණු 78 ක් ලබාගනිමින් පිරිමි ශූරතා කුසලානය සහ ආරක්ෂක සේවා කුසලානය දිනාගැනීමට සමත් වූ අතර ලකුණු 22 ක් හිමිකරගනිමින් තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලීය පිහිනුම් කණ්ඩායම සමත්වූහ.
මෙම තරඟාවලියේ ඒක පුද්ගල ඉසව්වේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා තරඟකරුවන් පහතින් දැක්වේ:
පිරිමි කණ්ඩායම
ප්‍රථම ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්රල් බී.ඩී. ෂෙහාන්
නවවන ස්ථානය - 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ
එකොලොස් ස්ථානය - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්රල් ආර්.බී.ඩී. නිරෝෂන්
දොලොස්වන ස්ථානය - 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ටී.එච්.කේ.එස්.අයි ද සිල්වා
දහතුන්වන ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල අයි.එම්. අබේරත්න
පහලොස්වන ස්ථානය - 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල ආර්.ජී.ඒ. කරුණානායක
දහසයවන ස්ථානය - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සැරයන් ඩබ්ලිව්. විමල් කුමාර
දාහත් ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.බී.එම්.එල්. අබේරත්න
දහනවවන ස්ථානය - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් ටී.එම්.සී.එල්. ජයසිංහ
විසිඑක්වන ස්ථානය - 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්රල් එච්.ජී.ආර්.එස්.එස්. පතිරාජ
කාන්තා කණ්ඩායම
දහතුන්වන ස්ථානය - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්රල් පී.ජී.සී. ජිනාදරී