06th February 2023 20:00:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව, මහා බ්‍රිතාන්‍යය ටයිකොන්ඩෝ ප්‍රවීණයන් සමඟ ඒකාබද්ධව මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩකයන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගිය අඟහරුවාදා (31) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
ටයිකොන්ඩෝ ක්‍රීඩාව සටන් කලාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දරන ප්රයත්නයට සහයෝගය දැක්වීම සඳහා ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට සපැමිණි දූත පිරිසට සම්නර් ඩෙරෙක් ඇලන් (Sumner Derek Alan) මහතා ප්රමුඛ උපදේශකවරුන් 4 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ඇතුළත් විය.
මෙම පුහුණු සැසිය සඳහා සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් කළු පටිදාරී උපදේශකවරුන් 40 දෙනෙකු, ක්‍රීඩකයින් 24 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණූ මෙම පුහුණු සැසිය සඳහා සහභාගී වූ ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විසින් විදේශීය දුත මණ්ඩල සාමාජිකයන් වෙත සුභාෂිංශනයන් පිරිනමන ලදී.