Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2023 19:51:55 Hours

12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ජූඩෝ ශූරතාවය යුද්ධ හමුදාවට

පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම මස 7 වන දින සිට 10 වන දින දක්වා පැවැති 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරඟ ඉසව්වේ කාන්තා හා පිරිමි අංශ දෙකෙහිම සමස්ත ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ජූඩෝ තරඟ ඉසව්ව සඳහා යුද්ධ, නාවික සහ ගුවන් හමුදා යන ජූඩෝ කණ්ඩායම් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු සහභාගී වූහ.

මෙම තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායමට හිමිවිය.

තරඟාවලියේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය සිකුරාදා (10) දින පැවති පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ සහභාගී විය.