12th August 2023 17:39:49 Hours
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් වේරහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින ‘රෙජිමේන්තු ක්‍රීඩා මනෝවිද්‍යාව’ මැයෙන් දේශනයක් පැවැත්විණී.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පහසුතම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස්. වනසේකර ආර්ඩබ්ලිව්පි යූඑස්පි විසින් සපයනු ලැබූ අතර එහි සම්බන්ධීකරණ කටයුතු රෙජිමේන්තු ක්‍රීඩාභාර නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබීය.
මෙම දේශනයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා මනෝවිද්‍යාඥ කපිතන් ඕ.ඩී.එස්.කේ. රූපසිරි විසින් ‘Managing Competitive Stress and Psychological Adaptation by Keeping up the Mindfulness’ තේමාව ඔස්සේ මෙම මනෝවිද්‍යා දේශනය පැවැත්වීය.