Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 18:43:06 Hours

යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම DSBMW – 2023, කඹ ඇදීමේ ශූරතාවලියේදී දස්කම් දක්වයි

බෝපේ රාජසිංහ ජාතික විද්‍යාලයේ දී පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින ආරම්භ වූ DSBMW – 2023 කඹ ඇදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම් සුවිශේෂී දස්කම් දැක්වූහ.

තරගාවලිය සඳහා දීප ව්‍යාප්තව පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම් 15, කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම් 06 ක් සහ පාසල් කණ්ඩායම් 12 ක් තරග වැදුණු අතර, එහිදී යුද්ධ හමුදාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ප්‍රථම ස්ථානයන් හිමිකරගත්හ.

62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා කණ්ඩායම් වෙත අවශ්‍ය පුහුණුව සහ මාර්ගෝපදේශ ලබාදෙනු ලැබීය.

ත්‍යාග ප්‍රධානෝත්සවයට 15 නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්.එම්. විජයලත් ආර්එස්පී පීඑස්සී අයිජී ද සහභාගී විය.