2024-02-07 16:50:18
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා සභාපතිවරියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 6) දින පවත්වන ලදී.
2024-02-07 16:45:59
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මියගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 3) දින පවත්වන ලදී.
2024-02-07 15:40:05
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය පසුගිය බදාදා (ජනවාරි මස 31) දින අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත ‘මිහිදු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූවාය.
2024-02-07 15:39:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘චර්ම රෝග’ පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවක් පසුගිය බදාද ( ජනවාරි මස 31) දින පවත්වන ලදී.
2024-02-07 15:35:33
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාර යටිවාවල අලුවිහාරේ මහත්මියගේ උපදෙස් පරිදි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී මනෝවිද්‍යාත්මක අධ්‍යාපන පුහුණු වැඩසටහනක් පසුගිය බදාදා (2024 ජනවාරි 31) දින පවත්වන ලදී.
2024-02-07 15:32:33
විශේෂ බලකා සේවා වනිතා ශාඛාව විසින් විශේෂ බලකා මූලස්ථාන බලඇණියේ සේවය කරන සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය වියලි ආහාර සලාක සහ ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4) දින සීදූව විශේෂ බලකා මූලස්ථාන බලඇණි කඳවුරේදී සිදුකරන ලදී.
2024-02-07 15:29:13
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ 31 වන සංවත්සර දිනයට සමගාමීව කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරු සාමාජිකයන්ගේ පවුල් 65 ක් සඳහා ආධාර ලබාදීම ඉකුත් සෙනසුරාදා (ජනවාරි මස 27) දින සිදුකරනු ලැබීය.
2024-02-07 11:52:20
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව තිස්සමහාරාම, වීරවිල විද්‍යාර්ථ මහා විද්‍යාලයේ ගුරුභවතුන් සහ පාසල් ළමුන් සඳහා ‘ගුරු සිසු ප්රණාම උලෙළ’ නමින් උපහාර උලෙළක් පසුගිය බදාද (ජනවාරි මස 24) පවත්වන ලදී.
2024-02-03 06:53:40
යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියලි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාර් මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වූහ.
2024-02-01 18:41:30
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආරම්භ කරනු ලැබූ ‘New Gunners’ Super’ සුපිරි වෙළඳසැල යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20 ) දින විවෘත කරන ලදී. මෙම වෙලද සැල මගින් ආහාර, ලිපි ද්‍රව්‍ය සහ තවත් බොහෝ දෑ සහනදායි මිලකට ලබාගත හැක.