2024-01-30 19:39:45
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් පරිදි මැනිංටවුන්හි ආරම්භ කරන ලද කාන්තා රූපලාවණ්‍යාගාරය නවීන රූපලාවන්‍ය පහසුකම් සහිතව නවීකරණය කිරීම සිදුකරන ලදී. එමගින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉහළම මට්ටමේ රූපලාවන්‍යාගාර සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.
2024-01-23 17:26:51
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 18) දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය...
2024-01-23 17:26:50
ගැමුණු හේවා බළකායේ සිවිල් සේවකයින් 50 දෙනෙකු සඳහා ගැමුණු හේවා බළකා සේවා වනිතා ශාඛාව විසින් වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20 ) දින රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී...
2024-01-23 16:50:51
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිලූපා පීරිස් මහත්මිය 2024 ජනවාරි මස 17 දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල - 02’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
2024-01-23 16:40:51
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ සංකල්පයකට අනුව දිවංගත, රණක්ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු රටවැසියන්ට ආශිර්වාද එක්කරමින් විශේෂ බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් 2024 ජනවාරි මස 19 දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
2024-01-23 16:27:13
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සදුඳා (ජනවාරි මස15) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
2024-01-22 20:27:10
සීමාසහිත ‘Industrial Safety Equipment’ පුද්ගලික සමාගම සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 ජනවාරි මස 19 දින ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.
2024-01-22 19:42:32
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 100 බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින එම සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
2024-01-19 15:28:09
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු හමුදා සහ සිවිල් සේවක මහතුන්ගේ, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පිටුවහලක් වීමේ අරමුණින් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-01-17 19:54:32
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 16) දින එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීය.