Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 00:00:28 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එම රෙජිමේන්තුවේ 74 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 74 වන සංවත්සරයට සමගාමීව එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ගන්නෝරුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින සමරුම් උත්සවයක් පවත්වන ලදී.

උත්සව අවස්ථාවේදී එම රෙජිමේන්තුවේ සේවයේ නියුතුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.

උත්සව අවස්ථාව සඳහා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.