2024-02-22 18:36:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මියගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සහ ගිණුම් නිලධාරීන්ගේ දායකත්වයෙන් පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින පැවැත්විණි.
2024-02-22 12:15:44
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය ඇතුළු එම ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය සඳුදා (පෙබරවාරි මස 12) දින මුල්ලේරියාව, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 5 හි නිල සංචාරයක නිරතවූහ.
2024-02-20 17:00:38
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හා එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ උපදෙස් මත ‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතයක්’ මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින පැවැත්විණි.
2024-02-12 15:15:22
විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ උපදෙස් මත පසුගිය බදාදා (පෙබරවාරි මස 14) දින අනුරාධපුර ‘අභය’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
2024-02-12 15:00:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 පෙබරවාරි මස 11 දින අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි ‘සතුට ළමා නිවාසයේ’ නේවාසික ළමුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 28 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2024-02-12 14:23:22
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 10 දින මීගොඩ, නඩුහේන මහාබෝධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-02-12 14:22:25
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් පරිත්‍යාග වැඩසටහන මෙවරත් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම බලකා ඒකක පරිශ්‍රයන්හිදී පැවැත්විණි.
2024-02-12 14:18:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 09) දින ‘මානසික සෞඛ්‍යයේ වැදගත්කම’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වනු ලැබීය.
2024-02-12 14:14:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම දොඹගොඩ ප්‍රදේශයේ ස්ථාපිත යුධෝපකරණ බලකා පුහුණු පාසලේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විණි.
2024-02-09 08:04:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව දානපතියන් පිරිසක් සමඟ එක්ව එම බලකාය යටතේ සේවයේ නියුතු ගාල්ල, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ප්‍රතිලාභියා වෙත පවරාදෙන ලදී.