2024-03-20 16:56:31
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය එම ඒකකයේ සාමාජිකාවන් සමඟින් ඉකුත් අඟහරුවාදා (මාර්තු මස 19) දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
2024-03-20 16:52:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් යාපනය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුල්වල පුද්ගලයින් හා පාසල් ළමුන් සඳහා ඇස් කණ්නාඩි සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින පවත්වන ලදී.
2024-03-15 14:12:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ මඟපෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2024 මාර්තු මස 11 දින මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2024-03-15 14:11:55
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2024 මාර්තු මස 09 දින එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කළුඅග්ගල අම්බලම නිවාඩු...
2024-03-14 16:26:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මාර්තු මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති මාසික රැස්වීමට සමගාමීව පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-03-14 16:23:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 15 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 07 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-03-14 09:15:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 12) දින වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-03-12 17:15:46
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 මාර්තු මස 08 දින සීගිරිය ඉලුක්වැව විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත රුපියල් 400,000/- ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-03-11 17:53:50
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Okinreach’ දේශන ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාර්යාවන් 100 දෙනෙකු වෙනුවෙන් 2024 මාර්තු මස 09 දින වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
2024-03-09 21:08:44
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, Browns Hotels & Resorts හෝටල් සමූහය යටතේ කළමණාකරනය වන Club Hotel Dolphin හෝටලයේ කාන්තා කාර්යය මණ්ඩලය, යුද්ධ හමුදා නිලධාරිනියන් සහ සෙබලියන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.