Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2024 14:23:22 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 10 දින මීගොඩ, නඩුහේන මහාබෝධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ හා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ අනුග්‍රාහකත්වය මත එම මධ්‍යස්ථානයේ ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුණු අතර, ශ්‍රී ලංකා පාබල හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම වෙතින් සංගීත රසාස්වාදය සැපයීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.