2024-04-01 13:46:01
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මාර්තු මස 28 දින කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විශ්‍රාමික ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයෙකුගේ භාර්යාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඇවිදීමේ රාමුවක් පරිත්‍යාග කරනු ලැබීය.
2024-04-01 11:46:41
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව
2024-04-01 11:45:21
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව මගින් 5 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහනක් එම ඒකක රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින සංවිධානය කරන ලදී.
2024-03-26 15:50:41
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රූපලාවන්‍ය හා නිරූපන ශිල්පය පිළිබඳ වැඩමුළුවක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින සංවිධානය කරන ලදී.
2024-03-26 15:44:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, සියදිවි නසාගැනීමෙන් වැළකීම යන මැයෙන් දේශන මාලාවක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 21) දින පවත්වන ලදී.
2024-03-26 15:34:24
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාව විසින් ඉංජිනේරු සේවා බලකායේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන්ගේ ගැබිණි භාර්යාවන්ට ආශිර්වාද එක් කිරීමේ බෝධි පූජා පිංකමක් පනාගොඩ, බෝධිරාජාරාම විහාරස්ථානයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වනු ලැබීය.
2024-03-26 15:34:24
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාව විසින් ඉංජිනේරු සේවා බලකායේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන්ගේ ගැබිණි භාර්යාවන්ට ආශිර්වාද එක් කිරීමේ බෝධි පූජා පිංකමක් පනාගොඩ, බෝධිරාජාරාම විහාරස්ථානයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වනු ලැබීය.
2024-03-26 14:48:03
14 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් හි සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමිහල පසුගිය සඳුදා (මාර්තු මස 18) දින විවෘත කරනු ලැබීය.
2024-03-25 18:05:06
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත එම ඒකකයේ සාමාජිකාවන් විසින් ගංගොඩ සහ පිළිමතලාව ශ්‍රී විද්‍යාදීප මෙහෙණි පිරිවෙනේ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය, ඖෂධ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (මාර්තු මස 17) දින ක්‍රියාත්මක කරන ලදී.
2024-03-20 18:31:34
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදාවේ රාජකාරි කරනු ලබන ගැබිණි කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් 100 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සඳුදා (මාර්තු මස 18) දින පවත්වනු ලැබීය.