Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2024 12:15:44 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය ඇතුළු එම ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය සඳුදා (පෙබරවාරි මස 12) දින මුල්ලේරියාව, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 5 හි නිල සංචාරයක නිරතවූහ.

යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් එම වාට්ටුවෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන කාන්තා රැඳවියන්ගේ රසඥතාවය වෙනුවෙන් කැලිප්සෝ සංගීත වාද්‍ය වෘන්දයක වින්දනයක් ලබාදීමෙන් අනතුරුව එම රැඳවියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

එහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම කාන්තා රැඳවියන් වෙත ත්‍යාග ප්‍රදානයක් ද සිදුකරනු ලැබූහ.