2024-05-22 17:23:15
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 මැයි මස 18 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2024-05-22 14:02:46
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස17 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-05-21 18:41:17
15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මැයි 18 වන දින දන්සලක් සංවිධානය කරන ලදී.
2024-05-16 15:21:00
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය ඉහල නංවාලීමේ ව්‍යාපෘතිවල තවත් පියවරක් ලෙස නිවාස අවශ්‍යතා සහිත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා ඉදිකර දෙනු ලැබූ නව නිවස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 13 වන දින එම ප්‍රතිලාභීන් වෙත භාර දෙනු ලැබිය.
2024-05-15 14:13:15
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 3’ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් 2024 මැයි මස 11 දින එහි සංචාරයක නිරත විය.
2024-05-09 20:29:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රාජකාරී නියුතු ගර්භණී කාන්තා සෙබළියන් වෙනුවෙන් ළදරු භාණ්ඩ, වියළි ආහාර සලාක පාර්සල් සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 02 දින ක්‍රියාත්මක කරන ලදී.
2024-05-09 20:28:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් සුභසාධන වැඩසටහනක් වශයෙන් කටුනායක පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ ගර්භණී භාර්යාවන් වෙනුවෙන් අත්‍යවශ්‍යය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-09 18:15:20
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මැයි මස 06 දින කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-06 18:21:59
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් එම රෙජිමේන්තුවේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවීමේ අරමුණින් පාසල් දරුදැරියන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 19 දින සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගූ මහත්මිය සහභාගි වූවාය.
2024-05-06 18:21:40
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ සුවපහසුව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව විසින් එම රෝහලේ ප්‍රථිකාර ලබන කාන්තා රෝගීන් 350 දෙනෙකු සඳහා ඇඳ ඇතිරිලි, කොට්ටා උර, තුවා සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රෝහල් බලධාරීන් වෙත ලබා දීමේ වැඩසටහනනක් 2024 අප්‍රේල් මස 27 දින පැවැත් වූහ.