Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2024 17:15:46 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 මාර්තු මස 08 දින සීගිරිය ඉලුක්වැව විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත රුපියල් 400,000/- ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.