2024-05-03 16:03:19
විශේෂ බලකායේ රාජකාරියෙහි නියුතු සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.
2024-04-30 19:47:57
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී ගේ අධීක්ෂණය මත 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දිවංගත කෝප්රල් ඊ.එන්. සිල්වා ගේ රෝගී මවට ඇතුල්කෝට්ටේ පිහිටි සිය නිවසේදී රුධිර සීනි මට්ටම නිරීක්ෂණය කිරීමේ උපකරණයක් අද (අප්‍රේල් මස 30) දින පරිත්‍යාග කරනු ලැබීය.
2024-04-29 19:57:48
දියතලාව ප්‍රදේශයේ ස්ථාපනය කරනු ලැබූ 'BlueBell Monarch' නිවාඩු නිකේතනය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය ගේ සුරතින් අප්‍රේල් මස 22 දින විවෘත කරනු ලැබීය.
2024-04-29 19:53:32
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස ප්‍රසාදිනී රණසිංහ මහත්මිය 2024 අප්‍රේල් මස 20 දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තාය.
2024-04-29 19:47:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ 3 වන සභාපතිනී ලෙස වරුණි කුලතුංග මහත්මිය 2024 අප්‍රේල් මස 04 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී ආගමික වතාවත් සහ සුබපැතුම් මධ්‍යයේ රාජකාරි කටයුතු භාරගත්තාය.
2024-04-25 18:01:30
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී
2024-04-25 14:03:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ
2024-04-22 21:56:12
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 අප්‍රේල් මස 11 දින පැවති කෙටි උත්සවයකදී එම කොමිෂන් නොලත් නිලධාරියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-04-22 18:32:55
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ
2024-04-19 11:08:22
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් එම බලකායෙහි නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 10 දින සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක් කොස්ගම ප්‍රදේශයේදී පවත්වනු ලැබීය.