Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2024 16:56:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් බොරැල්ල වැඩිහිටි නිවාසයට රාත්‍රී භෝජන සංග්‍රහයක් පරිනමයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය එම ඒකකයේ සාමාජිකාවන් සමඟින් ඉකුත් අඟහරුවාදා (මාර්තු මස 19) දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

ජානකී ලියනගේ මහත්මිය විසින් එහිදී වැඩිහිටියන් සඳහා ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානයක් ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, බ්‍රිගේඩියර් සම්බන්ධීකාරක නිලධාරී, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක් වූහ.