2024-11-24 14:37:21
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 16 දින පවත්වන ලදී.
2024-11-20 12:45:52
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 17 දින කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම බලකායේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයන්ගේ ගැබිණි භාර්යාවන් 26 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.
2024-11-20 12:32:43
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව, නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම සමඟ එක්ව 2024 නොවැම්බර් මස 9 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සූපවේදී වැඩමුළුවක් පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මිය සහභාගී විය.
2024-11-14 16:34:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේ සහ යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සේවය කරන සිවිල් සේවක කාර්යය මණ්ඩලයේ 24 දෙනෙකු සඳහා 2024 නොවැම්බර් මස 07 දින වියළි ආහාර සලාක ඇසුරුම් පාර්සල් බෙදා දෙන ලදී.
2024-11-14 16:32:59
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී හා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 11 දින පැවැත්විය.
2024-11-13 15:52:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 09 දින කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2024-11-11 17:14:02
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 නොවැම්බර් මස 08 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-11-11 17:00:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 26 වන දින පුත්තූර්හි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2024-11-09 19:31:50
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස සමින්දි වික්‍රමරත්න මහත්මිය 2024 නොවැම්බර් මස 02 දින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-11-08 14:54:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව හා 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සමඟ එක්ව පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 26 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සාමාජිකයන්ගේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අපොස (සා/පෙළ) විභාගයන් තුළින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරුවන් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.