13th November 2024 15:52:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 09 දින කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන අතරතුරදී, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් 41 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සමඟ රුපියල් 10,000 ක මූලික තැන්පතුවක් පිරිනැමිණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.