2024-10-11 14:15:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 4 දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
2024-10-09 18:29:10
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවාවනිතා ශාඛාවේ සමාජිකාවන් විසින් දහම් පාසල් සිසුන් සඳහා පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 06 දින ඇටම්පිටිය දහම් පාසලේදී පවත්වන ලදී.
2024-10-09 18:18:26
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ නව නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කරන ලදී.
2024-10-09 18:15:26
විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ සීදූව මූලස්ථාන බලඇණිය විශේෂ බලකාය විසින් පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 06 දින පවත්වන ලදී.
2024-10-08 15:43:18
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මිය ප්රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 5 දින මලියදේව ළමා නිවාසයේ ළමුන් 23 දෙනෙකු කොළඹ අගනගරයේ විශේෂ විනෝද චාරිකාවක් රැගෙන යනු ලැබීය.
2024-10-08 15:40:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත ලෝක වැඩිහිටි දිනයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සහ යුධෝපකරණ බලකායේ සංවත්සර දිනයට සමගාමීව යුධෝපකරණ පුහුණු පාසල සමඟ ඒකාබද්ධව 2024 ඔක්තෝබර් මස 01 දින හොරණ “මව්පිය සෙවණ” වැඩිහිටි නිවාසයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-10-07 17:52:21
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය 2024 ඔක්තෝබර් මස 04 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-10-06 14:16:54
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් මෙහෙයවනු ලබන නිවාස ව්‍යාපෘතියේ තුන්වන අධියර සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝම්බර් මස 3 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මිය විසින් තොරාගත් රණවිරුවන් දෙදෙනෙකු වෙත නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හතරක මුල්‍යාධාර පිරිනමන ලදී.
2024-10-03 15:33:52
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 සැප්තැම්බර් මස 29 දින දියතලාව 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
2024-10-02 19:34:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස කල්‍යාණි විජේරත්න මහත්මිය 2024 සැප්තැම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.