2024-12-17 17:45:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 27 වන සභාපතිනිය ලෙස වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය 2024 දෙසැම්බර් මස 12 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තාය.
2024-12-17 17:43:41
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය අනෝජා පීරිස් මහත්මියගේ අධීක්ෂණය මත 2024 දෙසැම්බර් මස 14 දින එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අත්තිඩියෙහි මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය. Sri Lanka Killer Whale Aquatic සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ දායකත්වය මත මෙම සංචාරය සිදුකරනු ලැබිණි.
2024-12-17 14:05:08
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ අධීක්ෂණය මත නත්තල් දින සැමරුමට සමගාමීව 2024 දෙසැම්බර් මස 11 දින පිටකෝට්ටේ පිහිටි ‘තලිතා කුම්’ ශාන්ත ආනා කන්‍යාරාමයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ සුවදුක් විමසා බැලීම සහ පොදු අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම කන්‍යාරාමයේ සංචාරයක නිරතවිය.
2024-12-13 11:44:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා පොලිස් හේවා පුහුණු පාසලේ සහ 2 බළඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ප්‍රසංගයක් 2024 දෙසැම්බර් මස 07 දින එම රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත් විය.
2024-12-13 07:07:26
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව හා ඉන්දිරා පිළිකා අරමුදල එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 07 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2024-12-13 07:06:23
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 දෙසැම්බර් මස 11 දින කුරුණෑගල, පාන්ගොල්ල අභිමංසල - 3 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
2024-12-12 11:52:32
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම ශාඛාවේ ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු භටපිරිස් 52 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයකරමින් රු.260,000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-12-11 18:09:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදාරි ගමගේ මහත්මිය 2024 දෙසැම්බර් මස 10 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-12-11 17:58:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 24 දෙනෙකුගේ අධ්‍යාපනික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ සමාජ සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනීෂා කොතලාවල මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 23 දින දෙහිවල සත්වෝද්‍යානය වෙත අධ්‍යාපනික චාරිකාවක් සංවිධානය කරනු ලැබීය.
2024-12-11 15:26:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස අප්සරා පීරිස් මහත්මිය 2024 දෙසැම්බර් 10 වන දින එම බලකා සේවා වනිතා කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී..