2024-11-06 23:11:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු භටපිරිස් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක් එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 දින පවත්වනු ලැබීය.
2024-11-06 23:08:52
14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ සිල්වර්මිල් පදනම ඒකාබද්ධව 2024 ඔක්තෝබර් මස 24 දින කාලංකුට්ටිය ප්‍රදේශයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය. එහිදී, පවුල් සුබසාධනය සහ තිරසාර බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගර්භනී මව්වරුන් 20 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ ගොවි මහතුන් 80 දෙනෙකු වෙනුවෙන් පොල් පැළ 700 ක් පරිත්‍යාග කෙරිණි.
2024-11-06 23:05:29
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත අම්පාර, වලගම්පුර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 21 දෙනෙකු වෙනුවෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක් 2024 නොවැම්බර් මස 01 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-11-06 23:00:03
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම 2024 ඔක්තෝබර් මස 29 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-11-06 22:57:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභිමානවත් 106 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාවක් පැවැත්වීය.
2024-11-06 22:52:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම මත කොළඹ රෝයල් ආයතනයේ රොටරැක්ට් සමාජයේ සහභාගීත්වයෙන් අත්තිඩිය මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්විණි.
2024-11-06 22:25:07
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ කාර්යාලය එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ සුරතින් 2024 ඔක්තෝබර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
2024-11-04 19:34:11
විශේෂ බළකා සේවා වනිතා ශාඛාව සහ නාඋල මහ රෝහල සමඟ එක්ව 2024 නොවැම්බර් මස 01 දින 1 විශේෂ බලකා කඳවුරු පරිශ්‍රයේදී භටපිරිස් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-11-02 11:16:53
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 31 දින සංඥා පුහුණු පාසලේදී, නිවසේ සිට සිදුකළ හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහයෝගය දැක්වීම සඳහා දරුවන් සිවුදෙනෙකුගේ මවක් වන යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ භාර්යාවක් වෙත රෙදි මහන යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
2024-11-01 10:37:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකාය යටතේ සේවයේ නියුතු ගර්භනී යුද්ධ හමුදා සාමාජිකාවන් සහ කරන්දෙණිය ප්‍රදේශය අවට ගම්මානවල වෙසෙන ගර්භනී මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත පාර්සල් 50 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණි.