2025-01-01 15:49:01
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව, ‘Crest Container Lines’ සහ ‘යසෝධා විදුලි උපකරණ’ පුද්ගලික සමාගම සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා පාබල හමුදාව යටතේ රාජකාරියේ නියුතු සෙසුනිලයන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2025-01-01 15:44:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත එම බලකාය යටතේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කළුතර ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරනු ලැබූ නව නිවස 2024 දෙසැම්බර් මස 18 දින නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-12-27 16:47:25
ස්වාධීන සැපයුම් ගබඩාව, ස්වාධීන ප්‍රවාහන බලඝණය සහ යුද්ධ හමුදා සේවා බළකා පාසල එක්ව 2024 දෙසැම්බර් මස 22 දින මොරටුව සුරස විශේෂ අධ්‍යාපන පාසල සහ බාලිකා නිවාසය සඳහා පරිත්‍යාග වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී.
2024-12-27 08:35:20
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුුනිලයෙකුගේ තුන් නිවුන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 23 දින සංවිධානය කරන ලදී.
2024-12-24 18:48:47
නත්තල් සැමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව මගින් 2024 දෙසැම්බර් මස 20 දින වේරහැර, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී, වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 19 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් පිරිනමන ලදී.
2024-12-23 14:37:06
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 75 වන සංවත්සර දිනයට සමගාමීව එම සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික පොත් පරිත්‍යාග වැඩසටහන 2024 දෙසැම්බර් මස 20 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
2024-12-23 13:25:15
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 දෙසැම්බර් මස 18 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී සිවිල් සේවක මහත්වරුන් 33 දෙනෙකුගේ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත රු. 165,000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
2024-12-20 17:13:32
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රාජකාරි කරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් 14 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. එහිදී ගර්භනී මව්වරුන් දහතුන් දෙනෙකු වෙත ප්රතිලාභ හිමිවූහ.
2024-12-20 14:32:32
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 147 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 15 වන දින පනාගොඩ, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-12-18 15:24:36
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 15 දින බෝලගල ප්‍රවීණ රණවිරු නිවාස පරිශ්‍රයේදී නත්තල් සැමරුම් උත්සවයක් පැවැත්වීය.