2024-10-25 20:21:03
75 වන සංවත්සරයට සමගාමීව රණවිරු සැමරුම් උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 13 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.
2024-10-24 19:16:11
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 19 දින ගැමුණු හේවා බලකා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-24 17:24:04
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සහ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ලෝක ළමා දිනයට සමඟාමීව 2024 ඔක්තෝම්බර් මස 14 දින සාලියපුර මිත්‍ර ළමා නිවාස පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
2024-10-23 19:18:05
2024 ළමා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 ඔක්තෝබර් මස 19 දින එම බලකායේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් 30 දෙනෙකු සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය සහ පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-21 19:14:00
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනූපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම මත ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළ වෙතින් 2024 ඔක්තෝබර් මස 16 දින හෝමාගම හබරකඩ පිහිටි එම වැඩපළ පරිශ්‍රයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-10-15 20:58:12
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 12 දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලෝක ළමා දින වැඩසටහනක් පවත්වන ලදී.
2024-10-15 20:56:31
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 5 දින ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු පිහිනුම් තටාක සංකීර්ණයේදී එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල ළමුන් වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය සහභාගී වූවාය.
2024-10-15 12:42:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 05 දින 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේදී ලෝක ළමා දින සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කෙරිණි.
2024-10-15 11:31:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය සහ ලෝක ළමා දිනයට සමගාමීව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 12 දින දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ සහ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-11 14:16:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මියගේ මඟපෙන්වීම මත කටුනායක 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 06 දින ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්විණි. 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ. උඩරටගේ සහ එතුමන්ගේ භාර්යාව වන චන්දිමා උඩරටගේ මහත්මියගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.