Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2024 19:31:50 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස සමින්දි වික්‍රමරත්න මහත්මිය 2024 නොවැම්බර් මස 02 දින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

සම්ප්‍රදායන්ට පසුව එතුමිය සේවා වනිතා ශාඛාවේ සිදුකිරීමට නියමිත ඉදිරි වැඩසටහන් සහ එම වැඩසටහන් සාර්ථකව සංවිධානය කිරීම සබැදීව සේවා වනිතා ශඛාවේ සාමාජිකාවන් සමග සාකච්ඡාකරන ලදී.

මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සේවා වනිතා ශඛාවේ සාමාජිකාවන් සහභාගී විය.