2024-11-30 14:34:49
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 22 දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වාට්ටු අංක 06 හිදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිය.
2024-11-28 15:04:47
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් පහළවත්ත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 නොවැම්බර් මස 20 දින නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.
2024-11-28 06:24:33
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ පනාගොඩ, 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ රාජකාරි කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරීයෙකුගේ භාර්යාව විසින් ප්‍රසූත කරනු ලැබූ අලුත උපන් තුන් නිවුන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා 2024 නොවැම්බර් මස 21 දින ළඳරු කිරිපිටි පාර්සල් ප්රදානය කරන ලදී.
2024-11-27 21:05:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම 2024 නොවැම්බර් මස 23 දින පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා සහ ශ්‍රී ලංකා පුරෝගාමී බලකා සම්බන්ධීකරණ මූලස්ථානයේදී පැවැත්විණි.
2024-11-27 21:00:11
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ රට වෙනුවෙන් දිවි පිදූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ රණවිරුවන් ගේ පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් ගන්නෝරුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් රණවිරු ස්මාරකය පරිශ්‍රයේදී 2024 නොවැම්බර් මස 23 දින පවත්වන ලදී.
2024-11-26 17:40:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු ලබන වාර්ෂික පොත් ප්රදානය කිරීමේ වැඩසටහන 2024 නොවැම්බර් මස 08 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2024-11-26 17:38:40
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ, කොළඹ අසරණ සරණ සමිතියේ හිටපු ලේකම් සුපෙම් ද සිල්වා මහතාගේ සහයෝගයෙන් 2024 නොවැම්බර් මස 21, 22, 23 සහ 24 යන දිනයන්හිදී මඩවල, උල්පොත චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේ දී යටවත්ත ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා කෘතිම පාද සහ ඇස් කණ්ණාඩි ප්රදානය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-11-25 23:32:10
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් මහනුවර, අරුප්පල, ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින ක්‍රියාත්මක කරන ලදී.
2024-11-25 23:26:41
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහයෝගීතාවයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 20 දින පවත්වන ලදී.
2024-11-25 23:16:00
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස දිල්රුක්ෂි විමලරත්න මහත්මිය 2024 නොවැම්බර් මස 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.