2024-12-11 13:57:24
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 01 දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-12-11 13:55:14
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 දෙසැම්බර් මස 07 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-11 08:18:29
ඉංජිනේරු සේවා බලකායේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම මත 15 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් එම ඒකක පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 7 දින පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-07 22:47:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ කරන්දෙණිය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පොත් 200 කින් සමන්විත නව පුස්තකාලයක් සියලු නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය සඳහා 2024 දෙසැම්බර් මස 01 දින විවෘත කරන ලදී.
2024-12-07 07:23:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලය වෙතින් 2024 නොවැම්බර් මස 29 දින යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි සේවයේ නියුතු ගර්භනී සෙබළියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
2024-12-05 19:36:05
2024-12-05 19:34:43
අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මාසික දානමය වැඩසටහනට සමගාමීව සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 30 දින දානමය වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා මේජර් පී.සී.එල්. ද සිල්වා නිලධාරිගේ අනුග්‍රාහකත්වය හිමිවිය.
2024-12-03 17:10:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින මිහිර සිරිතිලක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කෝ කුක්කෝ’ වේදිකා නාට්‍යය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විය.
2024-12-03 14:42:48
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 නොවැම්බර් මස 21 දින රාගම, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත වූහ.
2024-12-02 14:57:58
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 30 දින 2 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී පවත්වන ලදී.