2025-04-17 12:07:35
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2025 වාර්ෂික සැලැස්මට අනුව ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංග වික්‍රමසිංහ මහත්මිය සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc රාගම, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරතවිය.
2025-04-17 12:05:26
ලෝක කාන්තා දිනයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 31 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2025-04-17 08:16:47
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 12 දින නාවුල, කොහොලන්වල ප්‍රදේශයේ ස්ථාපිත 1 වන විශේෂ බලකා ශ්‍රවණාගාරයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්විණි.
2025-04-17 08:16:05
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 5 සහ 6 දෙදින තුළ කුරුණෑගල, වැහැර පොදු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සේවා වනිතා අවුරුදු පොළක් පැවැත්වීය.
2025-04-15 13:58:44
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 10 දින පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2025-04-15 13:54:33
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන මාසික පරිත්‍යාග වැඩසටහනේ තවත් අදියරක් වශයෙක් 2025 අප්‍රේල් මස 8 දින එම රෙජිමේන්තු සාමාජිකයෙකුගේ නිවුන් දියණියන් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාගයක් සිදුකරන ලදී. මව අහිමි වූ මෙම අවුරුද්දයි මාස හතරක් වයසැති දරුවන්ගේ රැකවරණය සහ පෝෂණ අවශ්‍යතා එම දරුවන්ගේ පියා විසින් සපුරාලනු ලබයි.
2025-04-12 14:12:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සමඟ එක්ව 2025 අප්‍රේල් මස 6 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2025-04-10 12:59:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ මාස හයකට අඩු දුවා දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 29 දින ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහනක ක්‍රියාත්මක කෙරිණි.
2025-04-08 16:03:06
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ දියතලාව, මහ රෝහල සමඟ එක්ව 1 බලඇණිය ගැමුණු හේවා බලකා පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 05 දින ‘ඇය රැකගනිමු’ යන තේමාව යටතේ ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකාවන් සඳහා වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.
2025-04-08 15:39:21
2025 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් දියතලාව, විරුකැකුළු පෙර පාසල වෙතින් 2025 අප්‍රේල් මස 07 දින එම පෙරපාසල් ක්‍රීඩාංගණයේදී ‘සිඟිති අලුත් අවුරුදු උළෙල’ පැවැත්වීය.