2025-01-31 15:16:06
සන්නද්ධ බුද්ධි බලකායේ 32 වන සංවත්සර දිනය සනිටුහන් කරමින්, "රණවිරු ප්රණාම උත්සවය - 2025" නමින් රණවිරු ප්රණාම උත්සවයක් සන්නද්ධ බුද්ධි බලකා සේවාවනිතා ශාඛාව විසින් කරන්දෙණියේ සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2025 ජනවාරි මස 25 දින පවත්වන ලදී.
2025-01-31 15:15:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මිය එක්ව දිවංගත මේජර් ඒ.පී.එස්.යූ. අබේසූරිය නිලධාරිගේ බිරිඳ වන ආශා අබේසූරිය මහත්මිය වෙත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නවතමයෙන් නිවසක් ඉදිකොට 2025 ජනවාරි මස 20 දින නිල වශයෙන් භාර දෙන ලදී.
2025-01-31 15:13:15
දොඹගොඩ පිහිටි යුධෝපකරණ පුහුණු පාසලේ සම්මන්ත්රණ ශාලාවේදී භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම 2025 ජනවාරි මස 25 දින පැවැත්විණි.
2025-01-31 10:41:44
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 24 සහ 25 යන දිනවල ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
2025-01-28 19:53:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟ ඒකාබද්ධව 2025 ජනවාරි මස 23 දින පාන්ගොල්ල, අභිමංසල - III සුවතා නිකේතනයේ සංචාරයක නිරත වී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
2025-01-28 19:36:55
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස සුමංගලී පතිරවිතාන මහත්මිය 2025 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.
2025-01-25 11:19:11
පල්ලෙකැලේ විරු කැකුළු පෙර පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත වන දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් එම පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී 2025 ජනවාරි මස 20 දින පැවැත්විණි.
2025-01-23 13:16:15
ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ජනවාරි මස 19 දින පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරනු ලැබීය.
2025-01-23 13:14:47
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන දියතලාව විරු කැකුළු පෙර පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත වන දරු දැරියන්ගේ සෞන්දාර්යාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් ඇල්ල, ටෝච් සිනමා ශාලාවේදී එම පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 21 දින පැවැත්විණි. එම ළමුන්ගේ හැකියාවන් සියැසින් දැකබලාගැනීම සඳහා දරු දැරියන්ගේ දෙමාපියන් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
2025-01-22 13:21:00
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.