Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th April 2025 13:54:33 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන මාසික පරිත්‍යාග වැඩසටහනේ තවත් අදියරක් වශයෙක් 2025 අප්‍රේල් මස 8 දින එම රෙජිමේන්තු සාමාජිකයෙකුගේ නිවුන් දියණියන් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාගයක් සිදුකරන ලදී. මව අහිමි වූ මෙම අවුරුද්දයි මාස හතරක් වයසැති දරුවන්ගේ රැකවරණය සහ පෝෂණ අවශ්‍යතා එම දරුවන්ගේ පියා විසින් සපුරාලනු ලබයි.

මේ අතර, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 11 සහ 12 දෙදින තුළ එම රෙජිමේන්තු සාමාජිකයන් දෙදෙනෙකුගේ දෙමාපියන් වෙත වායු මෙට්ට පරිත්‍යාගයක් සිදුකරන ලදී.

ඒ අනුව, එක් මෙට්ටයක් මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අංශභාග තත්ත්වයට පත් සොල්දාදුවෙකුගේ මවක් වෙත පරිත්‍යාග කරන ලදී. වෛද්‍ය උපදෙස් මත ඇයට වායු මෙට්ටයක් භාවිතා කිරීමට නිර්දේශ කර ඇත. එම පවුලේ දුෂ්කරතාවයන් පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

අනෙක් මෙට්ටය හදිසි අනතුරක් හේතුවෙන් එක්තැන්ව සිටින තවත් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයෙකුගේ පියෙකු වෙත පරිත්‍යාග කරන ලදී. ඔහුගේ පහසුව සහ රැකවරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වායු මෙට්ටය පරිත්‍යාග කරනු ලැබීය.

10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 6 රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරින්, බෙන්තොට සහ අනුරාධපුරයේ පිහිටි ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් මෙම පරිත්‍යාගයන් සිදුකළහ.