12th April 2025 14:12:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සමඟ එක්ව 2025 අප්‍රේල් මස 6 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය සහභාගි වූහ.
බනිස් කෑම, කොට්ට පොරය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය රැගෙනයාම, කඹ ඇදීම, විවිධ ඇඳුම් තරඟය ඇතුළු තවත් සම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩාවන් සමඟින් මෙම අවුරුදු උත්සවය පැවැත්විණි.
තරඟ ඉසව් අවසානයේ බලකාධිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් විසින් ජයග්‍රාහකයන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළ අතර උත්සවය සමාප්තියේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.