17th April 2025 08:16:47 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 12 දින නාවුල, කොහොලන්වල ප්‍රදේශයේ ස්ථාපිත 1 වන විශේෂ බලකා ශ්‍රවණාගාරයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්විණි.
මෙම වැඩසටහනේදී, ගර්භනී මව්වරුන් වෙනුවෙන් පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.
උත්සවය අතරතුරදී, ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
දිඹුල්ගමුව ගර්භණී ප්‍රජා සායන මධ්‍යස්ථානයේ ගර්භනී මව්වරුන් සහ 1 වන විශේෂ බලකා සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් වෙත මෙම වැඩසටහන යටතේ එම වියළි සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.