2025-04-08 13:00:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, ජාතික ලේ බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් 2025 අප්‍රේල් මස 03 දින නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2025-04-03 15:04:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 29 දින එම බලකා සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් වෙනුවෙන් මාතෘ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක් සහ මෙහෙණින් වහන්සේලා 15 නමක් උදෙසා දානය පූජාකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.
2025-04-03 08:34:37
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මාර්තු මස 23 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේ පිහිටි සෙසුනිල භෝජනාගාර පරිශ්‍රයේදී වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වූ අතර, එහිදී බ්‍රිතාන්‍ය රූපලාවන්‍ය වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් රූපලාවන්‍ය වැඩමුළුවක් ද පවත්වන ලදී.
2025-04-03 08:33:26
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 29 දින ‘ඇය රැකගනිමු’ තේමාව ඔස්සේ වෛද්‍ය සායනයක් පැවැත්වීය. රත්නපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම වෛද්‍ය සායනය පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්ෂාවන් මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය මැන බැලීම සහ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි.
2025-03-28 21:17:19
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 2025 මාර්තු මස 16 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘සෙබල බිරිඳක් ලෙස අභිමානවත්ව පවුල් ජීවිතය කළමනාකරණය කොට පවත්වාගෙන යෑම’ යන තේමාව යටතේ දේශනයක් පවත්වනු ලැබීය.
2025-03-26 08:39:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මාර්තු මස 22 දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-03-21 14:32:52
ගැමුණු හේවා බලකායේ 37 වන සංවත්සරයට සමගාමීව, එම බලකායේ රාජකාරියෙහි නියුතු රණවිරුවන්ගේ ගර්භනී භාර්යාවන් සහ වෙනත් රෙජිමේන්තු වලට අයත් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරි කරනු ලබන ගර්භනී කාන්තා සෙබළියන් සඳහා අතාවශ්‍ය භාන්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 19 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී..
2025-03-19 16:04:46
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 13 දින විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-03-17 15:44:50
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 13 දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී.
2025-03-17 14:35:28
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව සහ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල එක්ව හෝමාගම මූලික රෝහලේ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් වානේ ඇඳන්, ට්‍රොලි සහ රෝද පුටු වැනි අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 13 දින ක්‍රියාත්මක කරන ලදී.