Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2025 12:05:26 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ලෝක කාන්තා දිනයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 31 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

වැඩසටහනේදී මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය විසින් ආත්ම විශ්වාසය, නායකත්වය සහ චිත්තවේගය පාලන කුසලතා වර්ධනය කර ගැනීම පිළිබඳ හරවත් දේශනයක් පවත්වමින් තම අත්දැකීම් බෙදාදෙමින් සහභාගිවූවන් වෙත ඔවුන්ගේ විවිධ වූ පෞද්ගලික, වෘත්තීය සහ සමාජ භූමිකාවන් මනා විශ්වාසයෙන් යුතුව සිදුකිරීමට උනන්දුවක් ඇති කරවන ලදී.

මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන්ගේ භාර්යාවන් සහ සිවිල් කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.