Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2025 08:16:05 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අලුත් අවුරුදු පොළක්

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 5 සහ 6 දෙදින තුළ කුරුණෑගල, වැහැර පොදු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සේවා වනිතා අවුරුදු පොළක් පැවැත්වීය.

එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම මත මෙම අවුරුදු පොළ පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සියලුම ඒකකයන් සහ එම ප්‍රදේශයේ වෙළඳුන් විසින් සිල්ලර බඩු, ලිපිද්‍රව්‍ය සහ ගෘහ භාණ්ඩ වලින් සමන්විත වෙළඳකුටි සකස්කර තිබිණි.

සුමංගලී පතිරවිතාන මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ පැමිණීමෙන් පසුව මෙම අවුරුදු පොළ ආරම්භ විය.

මෙම අවුරුදු පොළ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් පැමිණ සිටියහ.