Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2025 16:03:06 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රණවිරු පවුල් සඳහා වෛද්‍ය කඳවුරක් පවත්වයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ දියතලාව, මහ රෝහල සමඟ එක්ව 1 බලඇණිය ගැමුණු හේවා බලකා පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 05 දින ‘ඇය රැකගනිමු’ යන තේමාව යටතේ ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකාවන් සඳහා වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්ෂි විමලරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම වෛද්‍ය කඳවුර සඳහා සහභාගි වූවාය. එම වෛද්‍ය කඳවුර මඟින් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පරීක්‍ෂණ, ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පරීක්‍ෂාවන් සහ රුධිර ග්ලූකෝස් පරීක්‍ෂාව ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් සිදුකරන ලදී. එහිදී හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහ දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය වෘත්තිකයන් විසින් කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කළහ.