2025-02-13 17:55:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක.
2025-02-11 21:29:42
ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 8 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2025-02-11 17:21:38
යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං රැකියවන් සඳහා පෙළඹවීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවාවනිතා ශාඛාව වෙතින් කෙසෙල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2025-02-11 17:13:19
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්ෂි විමලරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘Vision Force Studio’ මැදිරිය 2025 පෙබරවාරි මස 8 දින නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
2025-02-11 14:00:53
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත 2025 ජනවාරි මස 30 දින හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් බිම්මල් වගාව පිළිබඳ ස්වයං රැකියා වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2025-02-11 13:59:42
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත 2025 ජනවාරි මස 21 දින පනාගොඩ, සෘජුකාරක හා අංගාදේශක මධ්‍යස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනය සඳහා එම සේවා වනිතා ශාඛාව වෙතින් පානීය ජල බෝතල් 700 ක් පරිත්‍යාග කරනු ලැබීය.
2025-02-11 13:17:22
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 77 වන නිදහස් දින පෙළපාළිය සඳහා සහභාගි වූ භටපිරිස් වෙනුවෙන් ශක්තිජනක පානයන් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන 2025 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 4 දින දක්වා පැවැත්විණි.
2025-02-07 09:18:51
4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 60 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2025 ජනවාරි මස 30 දින පොළොන්නරුව ශික්ෂණ රෝහල් ලේ බැංකුව වෙත රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2025-02-07 09:15:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 ජනවාරි මස 30 දින 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් නිල වශයෙන් නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.
2025-02-06 09:57:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සිවිල් සේවක හසිත් උදාන මහතාගේ අර්ධ වශයෙන් ඉඳිකරනු ලැබූ නිවසේ ඉඳිකිරීම් කටයුතු නිමකර 2025 ජනවාරි මස 31 දින නිල වශයෙන් භාරදෙන ලදී.