09th September 2023 22:13:48 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින අයියකච්චි, මුහාවිල් ප්‍රදේශයේ කොහු මෝලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා ජල බවුසර් සමඟින් 60 කට අධික භටපිරිස් ප්‍රමාණයක් අයියකච්චි ගිනි නිවන ඒකකය සමඟ එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම මෙහෙයුම සඳහා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.