08th September 2023 15:52:09 Hours
පාසල් සිසු සිසුවියන් අතර මුදල් ඉතිරි කිරීමේ ගුණාංගය ප්‍රගුණ කිරීමේ අරමුණින් 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 542 පාබල බලසේනාවේ භටපිරිස් මුසලි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 140 දෙනෙකු වෙත බැංකු ගිණුම්, කැට සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 7) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම උත්සවයේදී කුලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල සහ පලෙයිකුලෙයි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් 140 දෙනෙකු වෙත රුපියල් 2000/= බැගින් වූ බැංකු ගිණුම්, කැට සහ පාසල් උපකරණ බෙදාදුන්හ.
සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්වය මත 542 පාබල බලසේනාවේ භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව එම පාසල් පරිශ්‍රයන්හි අඹ පැළ 140 ක් ද රෝපණය කරන ලදී.
542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එල්.එම්. චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පි පීඑස්පී ගේ උපදෙස් හා එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් එම්.වී. ප්‍රනාන්දු ගේ සම්බන්ධීකරණය මත 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 542 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්යක්ෂ, සම්පත් බැංකුවේ ප්‍රධාන කළමණාකරු, ප්‍රාදේශීය කළමණාකරු සහ බැංකු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.