Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2023 17:31:08 Hours

143 පාබල බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පුත්තලම, මූලික රෝහල වෙත වායු මෙට්ට පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සාමාජිකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර පවතින සුහදත්වය ප්‍රවර්ධනය කරමින්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මත පුත්තලම, මූලික රෝහල වෙත අත්‍යාවශ්‍යව තිබූ වායු මෙට්ට පරිත්‍යාගයක් පසුගිය දා සිදුකෙරිණි.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මොහොමඩ් රිස්වි, මොහොමඩ් නවුෂාඩ්, නුවන් රත්නායක, සංජීව සමරසිංහ යන මහත්වරුන් සහ රුවනි ෆාම් මහත්මිය විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත වායු මෙට්ට 05 ක් ප්‍රදානය කරනු ලැබීය.

143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයවර්ධන යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් අගෝස්තු මස 24 දින පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්‍ෂතුමන් වෙත එම පරිත්‍යාගයන් භාරදෙනු ලැබීය.