05th February 2024 17:23:41 Hours
12 පාබල සේනාංකයේ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හදපාන්ගල, ‘මෙත් සේවා පදනම’ විසින් විශේෂ අවශ්‍යතා සහිත අයවළුන් සඳහා පවත්වාගෙන යනු ලබන වැල්ලවාය, හදපාන්ගල ‘මෙත් සේවා’ නිවාසයෙහි, නේවාසිකව සිටින අයවළුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පිරිනමන ලදී.
20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත සහ ධානපතියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 121 පාබල බලසේනාවේ බලසේනාධිපති කේ.ජී.එම්.එන් සෙනවිරත්න යූඑස්පී, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.