Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2024 15:27:45 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මහා සංඝරත්නය ශ්‍රී පාදස්ථාන පුදබිම වෙත වැඩම කරවයි

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 6 දෙනෙකුගේ සහාය ඇතිව කන්දෙයාය මෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියදොර මෙත්තානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ 16 නමක් පසුගිය බදාදා (ජනවාරි මස 31 ) දින ශ්‍රී පාදස්ථාන පුදබිම වෙත ආරක්‍ෂිතව වැඩම කරවන ලදී.

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වන්දනා ගමන අති සාර්ථකව නිමකරන ලදී.