14th February 2024 17:34:27 Hours
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හමීදියා ක්‍රීඩා සමාජය සමඟ ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 8 සිට 11 දින දක්වා මොල්ලිපොතාන හමීදියා ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
පාපන්දු කණ්ඩායම් 30 ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ශූරතාවය කින්නියා ‘නොහා’ පාපන්දු කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී සහභාගී වූ අතර, එතුමන්ගේ සුරතින් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතිකපත් ප්රදානය කරනු ලැබීය.
ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එච්.පී. රංගජීව යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.