19th February 2024 19:06:51 Hours
54 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ රෝහල් සේවා මණ්ඩලය වෙතින් පසුගිය අඟහරුවාදා (2024 පෙබරවාරි මස 13) දින මන්නාරම යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල වෙත රුපියල් මිලියන 1.8 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් පහක් වෙනුවෙන් සූර්ය පැනල පහක් ද පරිත්‍යාග කෙරිණි.
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය රජවැල්ලේ සුබූති හිමිපාණන්ගේ පරිත්‍යාගශීලීත්වයෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවට රෝහල් සේවා මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.