04th July 2024 16:34:36 Hours
වවුනියා කොට්ඨාශ පාසල් ක්‍රීඩා තරඟාවලිය වවුනියාව දමිළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී 2024 ජූලි මස 01 දින පැවැත්විණි. 56 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය මත වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය වෙතින් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කරනු ලැබීය.
වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂකතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් තරඟාවලිය සම්බන්ධීකරණය කරනු ලැබූ අතර, පාසල් සිසුන්ගේ ශාරීරික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම්, විනය සහ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. මෙම තරඟාවලිය සඳහා දමිළ පාසල් 33 ක් සහ මුස්ලිම් පාසල් 9 ක් නියෝජනය කරමින් පාසල් සිසු සිසුවියන් 450 කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම තරඟාවලියේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.