01st July 2024 17:59:19 Hours
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් 2024 ජූනි මස 21 දින සිට 24 දින දක්වා බෙලිඅත්ත ප්රදේශයේ විශේෂ පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.
මෙම පොසොන් කලාපයේ යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් 2024 ජූනි මස 22 දින ‘බැති ගී’ ප්රසංග ඇතුළු සංස්කෘතික නර්තනයක් ඉදිරිපත් කරන ලදී. ඊට සමගාමීව 5 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින්ද දන්සැලක් පවත්වන ලද අතර, ඒ සඳහා බැතිමතුන් 7,000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සව අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහභාගී විය.