06th October 2024 09:20:36 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ එම පාබල සේනාංකය විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 4 දින සේනාංක මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
ජාතික රුධිර බැංකුව යාපනය ශාඛාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මෙම වැඩසටහන පැවත්වූ අතර, නිලධාරීන් සහ සෙසු නිලයන් 100 කට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කරන ලදී.