04th October 2024 18:37:33 Hours
242 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය නිමිත්තෙන් 2024 ඔක්තෝබර් මස 01 දින ශ්රීවල්ලිපුරම් හි මෙසියා පෙර පාසලේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේදී ළමුන් සඳහා විනෝදාත්මක වැඩසටහන් පැවැත්වූ අතර, අනතුරුව එම පෙර පාසලේ ළමුන් 17 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය සඳහා දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී. වැඩසටහන අවසානයේදී ළමුන් වෙනුවෙන් තෑගි පිරිනැමීමද සිදු විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පරිසක් ද සහභාගි වූහ.