16th September 2024 16:53:47 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 15 දින සාලියපුර වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව භටපිරිස් විසින් විනෝදාස්වාද වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.
16th September 2024 11:49:00 පැය
එළඹෙන 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රජා සහයෝගීතාවය සහ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් තන්තිරිමලේ, මානෙල්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
14th September 2024 21:02:41 පැය
53 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඉනාමළුව දෙසට විහිදෙන සීගිරි ස්මාරකය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 03 දින පවත්වන ලදී.
13th September 2024 18:05:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
12th September 2024 11:57:38 පැය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ආරාධනයෙන් ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම විශ්වවිද්‍යාල දේශන ශාලාවේදී කළමනාකරණයේ ගතිවිද්‍යාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2024 සැප්තැම්බර් මස 11 දින පවත්වන ලදී.
11th September 2024 15:03:56 පැය
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ වව්නිකුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරනු ලැබීය. එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 සැප්තැම්බර් 06 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
10th September 2024 21:53:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 07 දින සංවිධානය කරන ලදී.
10th September 2024 21:45:07 පැය
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදක කර්නල් ඩී.එම්.වී.වී දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ අධීක්ෂණය යටතේ සීමාසහිත නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ (Nature’s Beauty Creations Ltd) සහයෝගය ඇතිව කිලිනොච්චියේ ආර්එස් ග්‍රීන් බාරතී උත්සව ශාලාවේදී (RS Green Barathi Resort) රූපලාවන්‍ය සංස්කෘතික වැඩමුළුවක් 2024 සැප්තැම්බර් 07 දින සංවිධානය කරන ලදී.
09th September 2024 15:11:27 පැය
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මැදිහත්වීමෙන් මයුර මෙත්සෙවන විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් විහාරස්ථාන පරිශ්‍රය වටා අභිනවයෙන් ඉදිකරන ලද තාප්පය කපරාදු කිරීම සහ තීන්ත ආලේප කිරීම සිදුකරන ලදී.
09th September 2024 15:03:33 පැය
11 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. 241 පාබල බලසේනාවේ ආඥාපතිගේ සහ 11 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සිදුකරන ලදි.