Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2024 17:12:09 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් 2024 ඔක්තෝබර් මස 02 දින වවුනියාව වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 100 දෙනෙකු සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.